Latestදේශීය

ගජේන්ද්‍රකුමාර්ට ඇප

අද (07) උදෑසන සිය නිවසේදී අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබාදී තිබේ.

මරදන්කේනි සහ ජයපුරම් පොලිස් ස්ථානවල නිලධාරීන් කණ්ඩායමක් විසින් මන්ත්‍රීවරයාව අද උදෑසන අත්අඩංගුවට ගැනිණි.

පසුගියදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇතිකරගත් ආරවුල සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා විය.

එම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද ඊයේ (06) කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *