හන්තානේ පර්චසය රුපියල් 33යි
මහනුවර හන්තාන ප්‍රදේශයේ අක්කර 25ක ඉඩමක් පර්චසයක් රුපියල් තිස් තුන බැගින් මුදලකට පුද්ගලික සමාගමට ලබා දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් එම් මරික්කාර් මහතා කියා සිටියි.
එම ඉඩමේ වාණිජ වටිනාකම රුපියල් කෝටි 176 බව මන්ත්‍රීවරයා පැවසීය.
අදාළ ඉඩම ලබා දීමට වන ගිවිසුම අත්සන් කර ඇත්තේ 2020 වසරේ ජූලි මාසයේ බව ද කී මන්ත්‍රීවරයා ඒ සම්බන්ධ සියළු ලිපි ලේඛන තමා සතු බවද කියා සිටියේය.
එමෙන්ම දේශපාලඥයෙක්ගේ මැදිහත් වීමෙන් තවත් අක්කර දහයක බෙදා දෙදන්නට සූදානමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.
පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

