ණය ගෙව්වා නම් සංචිත ඝෘණ වෙනවා
ඩො.බි. 4.5ක් ණය ගෙවීම පැහැර හැරලා
නැත්තං අපේ සංචිත සෘණ මට්ටමේ
2048 හෝ 2032 වෙනකං ඉන්න බෑ
මේ ප්‍රශ්නය ඉතා ඉක්මනට විසඳන්න ඕනි.
“ඩොලර් බිලියන 4.5ක පමණ ණය අපි ගෙවල නැහැ. ගෙවිය යුතු ණය අපි ගෙවල නැහැ. ඒ වගේම අපේ සංචිත ප්‍රමාණය අද තියෙන්නේ ඩොලර් බිලියන 3ක වගේ ප්‍රමාණයක්. ඒකෙනුත් 1.5ක්ම තියෙන්නේ චීනෙන් අපිට ලබා දුන්න ණය. ඒ ණය පාවිච්චි කරන්න බැහැ එක්තරා මට්ටමකට අපේ සංචිත එනකල්.
ඒ අනුව අපි ණය ගෙව්වනම් අපේ රටේ සංචිත ප්‍රමාණය සෘණ. පරණ පෝලිම්, පරණ ගැටුම්, පරණ කැරළි ඒ ආකාරයටම ඇතිවෙන්න නියමිතයි”.
ජනරජ පක්ෂයේ නායක පාටලී චම්පික රණවක මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
ඒ නිසා දැන් පවතින මෙම තත්වය පිළිබඳ අපි ඇස් ගිණි කණ වට්ටාගන්න ඔින නැති බවත්, අර්බූධය පොඩ්ඩක් කල් දාපු එක පමණක් සිදුව ඇති බවත් චම්පික රණවක මන්ත්‍රීවරයා කියා සිටියේය.
@slleader.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

