Latestදේශීය

තේ කර්මාන්තය බරපතල අර්බුදයක

සති දෙකකටත් වඩා අඩු කාලයක් තුළ තේ කිලෝ ග්‍රෑමයක අලෙවි මිල රුපියල් 1,900ක පමණ සිට රුපියල් 900 දක්වා පහත වැටී ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

උඩරට සහ පහත රට සියලුම තේ මිල මේ ලෙස බිඳ වැටී තිබේ. විදුලි බිල වැඩිවීම, දැව මිල ඉහල යාම සහ අනෙකුත් නිෂ්පාදන පිරිවැය සමස්තයක් ලෙස විශාල ලෙස ඉහල ගොස් තිබියදී මෙරට නිෂ්පාදිත තේ අලේවි කිරීමේ මිල ගණන් මේ ආකාරයෙන් පහත වැටීම තේ කර්මාන්තයට කිසිසේත් දරාගත නොහැකි බව පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධ තොරතුරු අද (07) නිකුත් කර තිබෙන “අද” පුවත්පතින් හෙළිකර ඇත. ඩොලරයක් සඳහා වූ රුපියල් අනුපාතිකය පහත වැටීම නිසා මතුවී තිබෙන ගැටළු කිසිසේත් දරාගත නොහැකි බව වතු අධිකාරීවරුන් පෙන්වාදී ඇත. මේ නිසා වතු සමාගම් පවත්වාගෙන යා නොහැකි මට්ටමට පත්ව ඇති බව පෙන්වා දී ඇත.

කුඩා තේ වතු හිමියන්ට මේ වනවිට අමු තේ දළු අස්වැන්න අඩුවීම සහ එම තේ දළු නිෂ්පාදන මිල ඉහළ යාම හමුවේ දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *