Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි ජයක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තෙවැනි සහ අවසාන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලිය දෙකට,එකක් ලෙසින් ජය වාර්තා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) පැවති තරගය ජය ගත්තේ කඩුලු 9කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 22යි පන්දු 2කදී සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 116ක් පමණයි.

ඒ අනුව පිළිතුරැ ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ ලකුණු 120ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 63කට කඩුලු 4ක් දවාගත් අතර වනිඳු හසරංග ලකුණු 7ට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න අර්ධ ශතක වාර්තා කලා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *