පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මරදන්කේනි සහ ජයපුරම් පොලිස් ස්ථාන මඟින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ පසුගියදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථනයක් අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් අතර ඇති කරගත් ආරවුල සම්බන්ධයෙන් වන අතර එම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද ඊයේ (06) කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

