Latestදේශීය

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

අද සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දවසේ  කාලගුණ වාර්තාව නිකුත්කරමින් සදහන් කරනවා.

එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

වයඹ පළාතේ සහ යාපනය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාව පවතිනවා.

මේ අතර ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *