Latestදේශීය

පොලී අනුපාත පහළ යා හැකියි: අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

ස්ථාවර තැන්පතුවල පොලී අනුපාත මේ වනවිට පහළ ගොස් ඇති බැවින් ඉදිරියේ දී අනෙකුත් පොලී අනුපාත ද පහළ යා හැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අද (08) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍යවරයාට යොමු වූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.

උද්ධමනය වේගයෙන් පහළයෑම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බැංකු තුළින් එම සහනය ලැබෙනු ඇති බවද පසුගිය වසරක වැනි කාලයක් තුළ පොලී අනුපාත පහළ යාමේ ඉහළම අගය ඊයේ වාර්තා වූ බවයි එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පොලී අනුපාත, දින 91ක භාණ්ඩාගාර බිල්පත් සඳහා 2.5%ක අඩු වීමක්, දින 182ක භාණ්ඩාගාර බිල්පත් සඳහා 3.4%ක අඩු වීමක් සහ දින 364ක භාණ්ඩාගාර බිල්පත් සඳහා 3.81%ක ප්‍රතිශතයක් ලෙස අඩු වී ඇති බවද  ඔහු වැඩි දුරටත් කියා සිටියා.

ඊට අමතරව දින 364ක භාණ්ඩාගාර බිල්පත් සඳහා ලැබෙන ඉල්ලීම ද තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවද  ඒ මහතා පැවසුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *