Latestදේශීයමතවාද

ගසක් යට ආයෙත් මුණගැහෙමු

(වෑකදවල රාහුල හිමි)

පසුගිය 05 වන දින ⁣එනම් ලෝක පරිසර දිනය දවසේ වල්පොල රාහුල ආයතනයට එකතු වුන අපි නාගස මුල සතුටු කතා බහකට එකතු වුනා අපේ ධම්මානන්ද හාමුදුරුවෝ නාගස සමග තමන්ගේ අධ්‍යාත්මික බැදිම ගැන කියද්දි මට බොහෝ දේ කියන්න මඟ පෑදුනා

ගස් එක්ක මුළු ජිවිත කාලයම ජිවිතය බෙදා ගන්න අපි දවසක ඒ ගස්වලින් හදපු පෙට්ටිය හරි දර සෑයකට එකතුවෙලා යන්න යනවා ඒ කියන්නේ හුස්ම තියනකම්ම අපට ගස් මිත්‍රත්වයෙන් ජිවය සපයන්නේ කිසිදු ප්‍රතිලාභ බලාගෙන නොවෙයි.අපට ජිවිය දෙන ගස් වගේම සමස්ථ පරිසරය ගැන මනුෂ්‍යත්වය උපදවා ගන්න අවැසිම කාලයක අපි ඉන්නේ

ලාභය පදනම් කරගෙන පරිසර දෙස බලන දෘෂ්ටිය අපට කෑදර කමත් අධිපරිභෝජනවාදී ජිවන රටාවකට පාර කපනවා දැන් ලෝකය ගමන් කරන්නේ මේ පාරේ එම පාර වැටි තිබෙන්නේ සියල්ල වනසා දමන ලෝක විනාශයට

අපි මේ මාවත වෙනස් කරන්න ඕනා එක ඉබේ වෙන දෙයක් නෙවෙයි.ඊට උත්සාහ දැරිම සහ අලුත් මාවතක් එළිපෙහෙලි කොට සදා ගැනිම මිනිසා සතු කාර්යක්.

ගසක් එක්ක වගේම පරිසරයත් එක්ක අපගේ සම්බන්ධවය තියෙන්නේ ජිව විද්‍යාත්මක ස්වරූපයකින් පමණක් නොවෙයි .පරිසර හා බැදි සංස්කෘතික අධ්‍යාත්මික ජිවිතයකුත් මිනිසුන් වන අප සතුයි.සිහි තබා ගත යුතු දේ තමා ජෛව විවිධත්වය පරිධිම මිනිසුන්ගේ සංස්කෘතික අධ්‍යාත්මික විවිධත්වය ක් පවතින බව එම විවිධයක් සහිත සංස්කෘතික අන්‍යයතාවලට ඇති අයිතිය පිළිගැනීමට ශික්ෂණයක් අප තුළ තිබිය යුතුයි. එහෙත් අපේ සමාජය ආගමික සහ සංස්කෘතික විවිධ සම්බන්ධ අදහස් ඉතා පසුගාමී තත්ත්වයක තිබේන්නේ. එම පසුගාමීත්වයන් අප තුළ පරාජයට පත්කිරිමත් සමාජය වෙනසක් හරහා එවන් පසුගාමී ලක්ෂන වෙනස් කිරිමටත් අපි හැමෝටම වගකිමක් තිබෙනවා

වල්පොල රාහුල ආයතනය කියන්නේ එම වගකිම පවරාගත් තැනක් ඊට සාක්ෂි අයතනයට ඇතුළු වෙන තැනම පුවරුවේ සටහනින් පැහැදිලි වෙනවා “උපත මත තීරණය වු ජාතිය,ජනවර්ගය ,ආගම,කුලය,සහ ලිංගිකත්වය වැනි අන්‍ය හැකිතරම් ඉක්මවා මෙම ආයතනයට ඇතුළු වන්න” ලෙස සඳහන් කරන්නට සිදුව ඇත්තේ විවිධත්වයේ විචිත්‍රත්ව විදගැනිමට අසමත් ප්‍රාථමික අදහස් දැරිමේ සමාජ පසුගාමීත්වය හෙතු නිසා වෙනි.

අපේ එකතුවේ කතා අතර වර්තමාන පන්සල කුමන ස්වරූපද යන්න ගැනත්

ඇයි මහණ වුනේ

මහණ විමට බලපෑහෙතු හැමෝගෙන්ම ප්‍රශ්න කළා එය ඉතා රසවත් එකක් වගේම තමන් අනෙකාට නිරා⁣වරණය වෙමින් එම ප්‍රශ්න පිළිතුරු ගොණු කිරිම මම වින්ද ලස්සන අද්දැකිමක් .මම සතුටුයි මගේ කතාවය ඇහුම්කන් දීම ගැන අනෙක් හැම කතාවකම ඉගෙන ගැනිමට බොහෝ දෑ තිබ්බා ඒ කතා සමාජය කියවා ගත හැකි කැඩපතක් කියලයි මගේ හැගීම

සමාජය ඉල්ලා සිටින අකෘතින් නඩත්තු කිරිම පන්සලේ කාර්ය ලෙස සිතා සිටින බොහෝ භික්ෂූන් විවිධ පිඩාකාරි ජිවිතවල ගොදුරු බවට පත්වේ.

යම් පීඩාවකට ගොදුරක් වුවෙක් දඩයක් කරුවකු වන බව අපගේ සාකච්ඡාවේ ස්මතු වු අදහසකි.

අපි සුතධර හාමුදුරුවන් ගේ සහ ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවන්ගේ ඇසුර සමග එකතුවිම සංවිධානය කරත තිබුණේ ගුරුගොඩ හිමියන් නමුත් සංවිධායක පරක්කු වී පැමිණියේ නමුත් එයා පොතක් අපි හැමෝටම ගෙනත් දුන්නා

අහස් ඉම සිපගනිමි

කවි පොත

ඒ පොතේ මුල්ම කවියට මම ඉතා කැමතියි.

මල

========

බොහෝ මල් දන්නවා

සුවඳ වියැකී ගිය පසුව

හැර යන්න පෝෂණය කළ ගස

බොහෝ ගස් දන්නවා

සුවඳ වියැකී පරව යන මල

දෙපා මුලටම වී බර

ගසට රුකුලක් වන බව

සංවිධායක පරක්කු වී පැමිණියාට අපි කිහිම නමක් නියමිත වෙලාවට කලින් පැමිණ රටේ සිදුවිම් සම්බන්ධව අදහස් බෙදා ගත්තා ඒ අදහස්වල ඉගෙන ගන්න බොහෝ දෑ තිබුණා .එකතුව අදහස් බෙදා ගැනිම කෙතරම් වැදගත්ද ? එහෙත් එවන් සාකච්ඡා ශාසනය තුළ කෙතරම් අල්පවී ඇද්ද ? දානයකදී මලගමකදී පිරිත් පලකදි පමණක් මුණ ගැසෙන සීමාවකට පටු වෙලා ,

එය ශාසනික පරිහානිය එක හෙතුවක් කියලයි මගේ අදහස

සුතධර හාමුදුරුවෝ පැමිණිමත් සමග දවල් ආහාර ලබා ගන්න එකතු වුන අපි ⁣සමාජය තුළ මේ වන විට ස්මතුව ඇති ආගම්වාදී ප්‍රකාශන පිළිබදව, සමාජය කැලබිම් ඇති විමට බලපෑ හෙතු සාකච්ඡාවට ලක්කළා විශේෂන් දහම රැකිමේ මුවාවෙන් ප්‍රකාශ නිකුත් කරමින් නිදහස් අදහස් ප්‍රකාශනට සිදු කරන හානිය බුද්ධිමය ප්‍රවේශයක් නොවන බව හැමදෙනාගේම අදහස වුනා

විශේෂයෙන් භික්ෂුව සතුවු ශාස්ත්‍රීය ගවේෂණය විචාරශිලිව බව වෙනත් අදහස් සමීපව නිරික්ෂණය කරමින් තර්කානුකූලව ප්‍රශ්න කරමින් සමාජ දෙස බැලිමේ පුළුල් දැක්ම ක්‍රමයෙන් අහිමි යන අයුරුත් ඊට බලපා ඇති හෙතු ගැන ඉතා හොඳ පැහැදිලි කිරිම් තිබ්බා එම කතා ඇතුලේ මම නම් බොහෝ දෑ ඉගෙන ගත්තා

පුංචි කාලයේ ඉදලා අනුන්ට බණ කියලම සියල්ල දන්නේ භික්ෂුව තමයි යන මනෝභාවය අවිඤානිකව භික්ෂුව තුළ නිදන් ගත වෙලා එය පරිහානිය තවත් එක පැතිකඩක් අපට තව ඉගෙන ගැනීමට තව කෙතරම් දෑ තිබේද ?

නොදන්නවා බව දැන සිටිම ප්‍රඤාවේ මාවතයි.

විවිධ මානයන් සොයා යන සංවාද විසංවාද සහිත සංවාද මණ්පයක් අපට අවැසිය .හෙට දවසට සරිලන භික්ෂුවක් නිර්මාණය වන්නේ එවැනි සංදර්භයක් ඇතුලේ පමණි.

එසේ නොමැති තැන දන් වලදන යන්ත්‍ර ලෙස රාමු ගත ජිවිතයක පීඩා විධින ප්‍රජාවක් පමණක් වෙනවා

ඇත. අපි ස්වයං විවේචනාත්මකව එය දැකිය යුතුයි .

ගස යට අපේ කතාව අවසන් කරන විට බිබිලාදෙනියේ මහානාම හිමිගේ රසවත් කෝපි සංග්‍රහයත් උනපාන හාමුදුරුවෝ ගෙනා චොකලට් රසත් ඇත්තට අමුතු මිහිරක් අපේ කතා මණ්ඩපයට එකතු කළා

අපේ කතා බහ අවසන් කරන්නට පෙර ධම්මානන්ද හාමුදුරුවෝ පුංචි චාරිකාවට ආරාධනා කළා යුද්ධයෙන් අහිමු ජිවිත සිහිපත් කරන ස්මාරකය බලන්න යන්න

ඒ අනුව අපි එහි ගියා එකපාරට යන්න දුන්නෑ ටික වෙලාවක් රැදෙන්න සිද්ධ වුනා කොහොම අපි ඇතුලට ගියා . වසරින් වසර අහිමි වුණ ජිවිත ප්‍රමාණය ප්‍රස්ථාරයක් දෙස බලනවා වගේ, මනුෂ්‍යත්වය මරා දැමු යුද්ධය ජිවිත උදුරාගත් දින සටහන් ජිවිතයට කියාදෙන පාඩම ලෙහෙසි නැහැ .නම් සහටහන් තබා ඇති පුවරුවේ අනෙක් පස හිස්ය. එය උතුරේ මිය ගිය දමිළ සහෝදරයන්ගේ නම් සටහන් කලේ නම් ඉතිහාසයේ කුමන තැනක ⁣අපට වැරදුනත් සංහිඳියාවේ අපුරූ පාඩම එතන නිර්මාණය වනු ඇත. එහෙත් අපේ එකා සැමරිමට ඇති අයිතිය මත අනේකාගේ අයිතියෙන් යටපත් නොකළ යුතුය .වීරත්වය සාපෙක්ෂ කතාවකි .මවකට දරුවා යනු දරුවෙකි එය කුමන ජනවර්ගයක් වුව වෙනසක් නොවෙති.එහි සිංහල දමිළ ලෙස සෙනෙහම වර්ග කරිමට හැකිද ? තම දරුවා අහිමි විමේ හඳ කකියවන වේදනාව එකම මනුෂ්‍යත්වයක් මත උපදින්නකි.තම සමීපතමයා අහිමි විමේ වේදනාව තම සංස්කෘතිකයට අනුව දරාගැනිමට සැමරිමට දමිළ ප්‍රජාවටද අයිතියක් ඇත.එය නොපිළිගන්නා සමාජයක් යනු අප නැවත බෙදා වෙන්කරන උත්සාහයකි.එය වඩාත් උවමනා කර තිබෙන්නේ පාලකයන්ටය. ජනතාවට එවැනි උවමනාවක් නැත.එය උතුර දකුණ කියා වෙනසක් නොවෙති.පාලකයන් අපි ජාති ආගම් ජනවර්ග ලෙස බෙදා සමස්ථ ශ්‍රී ලාංකික පුරවැසියාගේ අයිතින් උදුරාගැනිමේ ඉතිහාසයක් අප සතුය .එම ඉතිහාස පාඩම විශේෂයෙන් භික්ෂුව හැදැරිය යුතුය .

අපි නැවත මේ ගස යට නොවෙතත් වැස්ස නොමැති දවසක් නම් නිදහස් පරිසරයකදීම මුණ ගැසෙමු.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *