Latestදේශීය

විභාග නිරීක්ෂකයකු මියයයි

සාමාන්‍ය පෙළ විභාගයේ විභාග මධ්‍යස්ථානයක් තුළ විභාග නිරීක්ෂකයෙකු හදිසියේ ඇද වැටී මිය ගොස් තිබේ.

වත්තේගම බාලිකා විදුහලේ විභාග මධ්‍යස්ථානයේ නිරීක්ෂකයෙකු එම රාජකාරියේ නිරතව සිටියදී හදිසියේ ඇද වැටී රෝහල් ගත කිරීමෙන් පසු මෙසේ මියගොස් ඇත.

පොලිසිය සඳහන් කරන්නේ මෙසේ මියගොස් ඇත්තේ 48 හැවිරිදි ගුරුවරයෙක් බවත් ඔහු කටුගස්තොට ප්‍රදේශයේ විදුහලක සේවය කරන අයකු බවත් ය.

මෙය හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් සිදු සිදුවන්නට ඇති මරණයක් යයි සැක කරන අතර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව නිශ්චිත හේතුව ප්‍රකාශ කල හැකි බවද පොලිසිය කියා සිටී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *