Latestදේශීය

සිරගතවූවන් ගේ සිරගත නොවූ ශ්‍රමය රටේ නිෂ්පාදන හා සංවර්ධන ක්‍රියාවලියට

බන්ධනාගාරගතව සිටින රැදවියන් පුහුණු ශ්‍රමිකයන් ලෙස පුහුණු කර සේවයේ යොදවා ගැනීමටත්, බන්ධනාගාර ආයතන පරිශ්‍ර තුළ කර්මාන්ත ආරම්භ කිරීමටත්, රැදවි පුනරුත්ථාපන ක්‍රියාවලිය සම්බන්ධව උනන්දුවක් දක්වන රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන වලට අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මෙම ව්‍යාපෘතියේ අරමුණු වශයෙන්

•          රැදවියා කුසලතා පූර්ණ වෘත්තිකයකු හා යහපත් පුරවැසියකු ලෙස සමාජ ගත කිරීම.

•          රැදවියාගේ පවුලට ආර්ථිකමය ශක්තියක් සැපයීම.

•          සාධාරණ අයකිරීමක් යටතේ සැගවුනු ශ්‍රම බලකාය නැවත රටේ නිෂ්පාදන ක්‍රියාවලියට එක් කිරීම.

එසේම නිෂ්පාදන හා සංවර්ධන ක්‍රියාවලියේ යෝජිත ව්‍යාපෘති ලෙස

•          නිෂ්පාදන කර්මාන්ත

•          සේවා සැපයීම්

•          කෘෂි කර්මාන්තය

•          ඉදිකිරීම් කේෂ්ත්‍රය

රැදවි සුභසාධනය වෙනුවෙන් වූ මෙම වැඩ සටහනට සක්‍රීය දායකත්වයක් දක්වමින් උතුම් සමාජ මෙහෙවරක් කිරීමට උනන්දුවක් දක්වන රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන වලින් ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ආරාධනා කරනු ලබයි.

මෙම වැඩ සටහන පිළිබද වැඩි විසිතර සදහා htt://prisons.gov.lk/web/  මෙම වෙබ්  අඩව්යට පිවිසීමෙන් දැනගත හැක .


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *