Latestදේශීය

IMF‌ ‌කොන්දේසි මත ආර්ථිකය හාන්සියි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට හැකිවන පරිදි සිදු කරන ලද ප්‍රතිසංස්කරණ මගින් 2022 වසර තුළදී ආර්ථිකය බිඳ වැටීම සහ මෙම වසරේ ගත වූ කාලය තුළ විවිධ ක්ෂේත්‍ර කඩා වැටීම පිළිබඳව නවතම තොරතුරු හෙළිවී තිබේ.

පසුගිය 2022 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 11.48කින් (ඩොලර් කෝටි 1,148කින්) හකුලන ලද අතර මෙම වසරේ මුල් මාස 4 තුළ ඇඟළුම් කර්මාන්තය බිඳ වැටීම සහ මේ වනවිට තේ කර්මාන්තයද බිඳ වැටීමට ඉඩ හැර තිබේ. ප්‍රමුඛ පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලා වසා දැමෙමින් පවතින අතර තේ නිෂ්පාදනයද බරපතළ අර්බුදයකට ලක්වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීම සඳහා ඩොලර් කෝටි 1,148කින් මෙරට ආර්ථිකය හකුලුවා ඇති නමුත් එම අරමුදලින් පළමු ණය වාරිකය ලෙස මෙතෙක් ලැබී තිබෙන්නේ ඩොලර් කෝටී 33.3ක් පමණි. ලබන සැප්තැම්බර් මාසයේදී මෙම වසර සඳහා නියමිත ඉතිරි ණය වාරිකය ද ලබා ගැනීමට හැකි වුවහොත් මෙම වර්ෂය වෙනුවෙන් මූල්‍ය අරමුදලින් ලැබෙන මුලු ණය ප්‍රමාණය ඩොලර් කෝටි 66කට සීමාවන අතර මෙම වර්ෂය තුළදී තව දුරටත් ආර්ථිකය හැකිලීමේ ප්‍රමාණය 1.8%ඉක්මවා යා හැකි බව පුරෝකථනය කර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *