විදෙස් ජාතික තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
හික්කඩුව නගරය ආසන්නයේ මුහුදු වෙරළේ දියනෑමට ගොස් සිටි විදෙස් ජාතික තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.
එසේ මියගොස් ඇත්තේ 29 හැවිරිදි රුසියන් ජාතිකයෙකි.
එම රුසියන් ජාතික තරුණයා ඊයේ (07) සවස් කාලයේදී දියේ ගිලෙමින් සිටියදී ජීවිතාරක්ෂ නිලධාරීන් විසින් ගොඩගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. නමුත් එම තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම විදේශිකයාගේ මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ මේ වනවිට තැන්පත් කර ඇති අතර හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

