ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන සොයා පිටකොටුවේ වැටලීම්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය පසුගියදා පිටකොටුව ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබෙනවා
එහිදී වෙළඳසැලක තිබී පාකිස්තානයෙන් ආනයනය කළ බවට සැක කෙරෙන කාන්තාවන්ගේ සම සුදුවීම සඳහා භාවිත කරන දේශීය වශයෙන් වගකීමක් සඳහන් කර නොමැති, ප්‍රමිතියකින් තොර සහ නීතිවිරෝධි ලෙස ඇසුරුම් කර තිබුණු රූපලාවන්‍ය ආලේපන ක්‍රීම් සහ දියර වර්ග වර්ග රැසක් සොයාගත් බවයි එම ඒකකය සඳහන් කරන්නේ.
එහි ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ආලේපන වර්ග 6ක සාම්පල ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය වෙත යැවූ අතර මේ වනවිට එහි ප්‍රතිඵල නිකුත්වී තිබෙනවා.
අනුමත සීමාව ඉක්මවා රසදිය අඩංගු බවට පර්යේෂණාගාර වාර්තා වලින් තහවුරුවී වී ඇත.
එවැනි ආලේපන වර්ග භාවිත කිරීමෙන් පිළිකා ඇතුළු විවිධ ලෙඩ රෝග ඇතිවිය හැකි බැවින් එවැනි ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන භාවිත නොකරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව රූපලාවන්‍ය ක්‍රීම් සහ දියර වර්ගවල අඩංගු විය හැකි අනුමත රසදිය ප්‍රමාණය වන්නේ කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකක් පමණි.
නමුත් පරීක්ෂණ ප්‍රතිඵල අනුව එම අනුමත සීමාව ඉක්මවා අධික රසදිය ප්‍රමාණයක් එහි අඩංගුව තිබෙනවා.
රසදිය විශාල ප්‍රමාණයන්ගෙන් අඩංගු වන මෙවැනි රූපලාවන්‍ය ක්‍රීම් වර්ග ශරීරයේ ආලේප කිරීමෙන් පිළිකා ඇතුළු නොයෙකුත් ලෙඩ රෝග ඇතිවිය හැකි බව වෛද්‍යවරුන් අවධාරණය කර සිටිනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

