Latestදේශීය

ඡන්ද නාම ලේඛනයට ලියාපදිංචිය Online ක්‍රමයට

2023 ඡන්ද හිමි නාම ලේඛනයට Online ක්‍රමයට ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

WWW.ELECTIONS.LK වෙබ් අඩවියට පිවිසීමෙන් එය සිදුකළ හැකි බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරන්නේ.

2023 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු මේ දිනවල සිදු කෙරෙනින් පවතින බවද ඒ සඳහා වන සංගණන පත්‍ර ග්‍රාම නිලධාරීවරුන් වෙත නිකුත් කර ඇති බව ද ඔහු සඳහන් කළා.

ප්‍රතිශෝධන කටයුතු ලබන 16 වැනිදායින් අවසන් කිරීමට නියමිතව ඇත.

සංගණන පත්‍රිකා නිසි පරිදි සම්පූර්ණ කිරීමට සහය වන ලෙස මැතිවරණ කොමිසම සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *