පිළිකාවට එරෙහිව කොළඹ සරසවියේ විප්ලවීය සොයාගැනීම
කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය විසින් පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් සොයාගෙන තිබේ.
එම ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම සොයා ගැනීම සිදුකර ඇත්තේ වසර 12ක් අධික කාලයක් තිස්සේ සිදු කළ විද්‍යාත්මක පරීක්ෂණ වලින් පසුවයි.
මෙම පෝෂක ඖෂධය පිළිකා රෝගීන්ට, පිළිකා සුව වෙමින් හිදින රෝගීන්ටද ලබා දීමට හැකි බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.
පියයුරු පිළිකා, පෙනහළු පිළිකා, ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන පිළිකා ඇතුළු පිළිකා වර්ග පහළොවක පමණ පිළිකා සෛල මෙමගින් විනාශ කළ හැකි බව ද හෙතෙම කියා සිටී.
මෙරට පත්ව ඇති ආර්ථික අවපාතයට විසඳුමක් ලෙස මෙරට සිටින විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් ගේ සහාය ලබාගෙන රට සංවර්ධනය ගෙන යාමට කටයුතු කිරීම වැදගත් බවත් ඒ මහතා තවදුරටත් පවසයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

