Latestදේශීය

බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් 22 ක් රෝහලේ

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (09) අලුයම අනතුරක් සිදුවී තිබෙනවා.

එම අනතුරින් බස් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් මඟීන් 22 දෙනෙකු තුවාල ලබා හෝමාගම හා නවගමුව රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.

තුවාලකරුවන් අතර ලොරි රථයේ රියදුරා ද සිටින බව ද සඳහන්.

කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනයවූ ලොරි රථයක් අක්කරපත්තුව සිට කොළඹ දක්වා ගමන්ගත් ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *