ජපානයේ ගුවන්යානා දෙකක් එකිනෙක ගැටෙයි
ජපානයේ ටෝකියෝ හි Haneda ගුවන් තොටුපළේ දී මගී ගුවන් යානා 2ක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්වී තිබෙනවා.
Thai Airways සහ EVA Air සමාගම්වලට අයත් ගුවන් යානා දෙකක් මෙලෙස එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අනතුරෙන් Thai Airways ගුවන් යානයේ කොටසකට හානි සිදුව තිබෙන අතර ධාවන පථයේ අනතුර සිදුවූ ස්ථානය ගුවන් තොටුපළ බලධාරීන් විසින් වසා දැමීමට පියවර ගෙන ඇති බව සඳහන්.
නමුත අදාළ අනතුරෙන් කිසිදු ගුවන් මගියෙකුට හානියක් සිදුව නොමැත.
මේ අතර ගුවන් තොටුපළ බලධාරීන් විසින් මගීන් වෙත දැනුම් දී තිබෙන්නේ ඇතැම් අභ්‍යන්තර මෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් මෙම අනතුර හේතුවෙන් ප්‍රමාද වනු ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

