Latestදේශීය

සිකුරාදා හා ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණයක්

සිකුරාදා හා ඉරිදා දිනවල යාපනය දිස්ත්‍රික්කයේ පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ . සිවබාලසුන්දරන් මහතා පවසනවා.

ජුලි 01 වැනි දා සිට 9 ‍ශ්‍රේණියෙන් පහළ දරුවන් සඳහා සිකුරාදා පස්වරුවේ හා ඉරිදා දිනයේ පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කළ බවයි ඔහු පැවසුවේ

ළමුන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් එම තීරණය ගත් බවයි ඔහු පෙන්වාදෙන්නේ.

මේ පිළිබඳව යාපනය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය, පොලිස්, පෞද්ගලික පන්ති හිමිකරුවන්, ගුරුවරුන් හා ළමා සංවර්ධන නිලධාරීන් සමග  සාකච්ඡා පවත්වා තීරණය කර ඇත.

දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, එම තීරණය සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔහු කියා සිටියේ සෑම පෞද්ගලික පන්තියක්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු බවයි. එමෙන්ම දරුවන් සඳඟා අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ද මෙම  ස්ථනවල සම්පූර්ණ කර තිබීම අනිවාර්ය වන බවද ඒ මහතා සඳහන් කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *