බොරිස් ජොන්සන් දේශපාලනයෙන් සමුගනී
බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමත්‍ය බොරිස් ජොන්සන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටියදී කොවිඩ් ව්‍යාප්ත වන කාලසීමාව තුළ සාදයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාව මීට හේතුවී ඇති බවය.
එම චෝදනාව හේතුවෙන් බොරිස් ජොන්සන් හට අග්‍රාමාත්‍ය ධුරයද අහිමි විය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව මගින් බොරිස් ජොන්සන්ට මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමක් සම්බන්ධයෙන් ද අනතුරු ඇඟවීමක් සිදුකර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මන්ත්‍රී ධුරය අහිමි කිරීමට පෙර බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමත්‍ය බොරිස් ජොන්සන් මෙලෙස සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව සඳහන් වේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

