යූරියා පොහොර නෞකාවක් අද දිවයිනට
යූරියා මෙට්‍රික්ටොන් 22,500ක් රැගත් නෞකාවක් අද (10) දිවයිනට පැමිණ තිබෙනවා.
ඕමානයෙන් මිලදී ගනු ලැබූ එම පොහොර තොගය ලබන සඳුදා සිට ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට බෙදා දීමට කටයුතු කරන බවයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ.
ඉදිරි දින කිහිපයේදී තවත් යූරියා මෙට්‍රික්ටොන් 11,250 ක් රැගත් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසනවා.
මෙම පොහොර තොග ලැබීමත් සමග යළ කන්නයට අවශ්‍ය යූරියා පොහොර අවශ්‍යතාව සම්පූර්ණ වන බවයි ද ඒ මහතා සඳහන් කළා.
යළ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර ප්‍රමාණවත් පරිදි මෙරට තුළ ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

