ලංගම, ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට සැරසෙයි
ලංගම වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇත.
අදාළ කමිටුව මේ වනවිට දෙවතාවක් රැස්වී ඒ සම්බන්ධයෙන් සොයා බලා ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නැතැයි .ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.
ලබන 14 වැනි දා දක්වා පාසල් සිසුන්ට වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරනවා.
මෙ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ලබන 16 වැනි දා දක්වා පාසල් සිසුන්ට දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට අවස්ථාව ලබාදෙන බවයි.
ලබන 12 වැනි දා පාසල් ආරම්භවීම හේතුවෙන් එලෙස වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කාල සීමාව දීර්ඝ කරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

