ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගීවීමට අද (10) අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් සිම්බාබ්වේ බලා පිටත්ව ගියා.
මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වන අතර එහි නායකත්වය දසුන් ශානකට හිමිව තිබෙනවා. උපනායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරනවා.ඇන්ජලෝ මැතිවුස්ගේ නම මෙම සංචිතය සඳහා නම් කර නැහැ.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්ම නෙදර්ලන්තය සහ අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම් සමග පෙර පුහුණුවීමේ තරග දෙකකට සහභාගී වීමට නියමිතව ඇත.
අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය, අයර්ලන්තය, ස්කොට්ලන්තය යන රටවල ක්‍රිකට් කණ්ඩායම් සමග සිම්බාබ්වේ රාජ්‍යයේ බුලවායෝ සහ හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණවල සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගීවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

