Latestදේශීයවිශේෂාංගසංස්කෘතික

හෑගොඩ නිකේතනය අධ්‍යාපන කටයුතු වලින් සමුගනියි

හෑගොඩ සේයා ශිල්ප නිකේතනය අධ්‍යාපන කටයුතු වලින් සමුගනියි යන මැයින් මහජන සම්මන්ත්‍රණයක් පැවැත්වීමට නියමිතයි. ජූනි 16 වන දින සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිත මෙම සම්මන්ත්‍රණයේදී මේ මගේ ඡායාරූපයක් නොවේ යන මැයින් ලාල් හෑගොඩ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතයි.

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න, දේශපාලන හා කලා විචාරක බූපති නලීන් වික්‍රමගේ සහ මහාචාර්ය සරත් චන්ද්‍රජීව යන අය මෙහිදී කෙටි දේශන පැවැත්වීමට ද නියමිතයි.

කිසිදු මුදල් අයකිරීමකින් තොරව පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයට සහභාගි වන ලෙස සංවිධායක මණ්ඩලය සියලුදෙනාට ඇරයුම්කර සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *