පලාත් සභා මැතිවරණයට සූදානම් වෙන්න
ඉන්දියාවෙන් සිදුවන බලපෑම් මත පළාත් සභා මැතිවරණය පළමුව පැවැත්වීමට ඉඩ ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ථ ලංකා පළාත් සභා මන්ත්‍රී සංසද රැස්වීම ඊයේ දිනයේ අමතමිනි.
නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලය දී මෙම රැස්වීම් පවත්වා තිබේ.
ඉන්දියාවේ බලපෑම් මත පළාත් සභා මැතිවරණය පළමුව පැවැත්වීමට ඉඩ ඇති නිසා ඒ සඳහා සූදානම් වන ලෙස ඔහු එම පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
ජුලි මස 10 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවන බවත් එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම තීරණය වනු ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කර ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

