Latestදේශීය

මුහුදේ දියනාමින් සිටි සිසුන් පිරිසක් රළ පහරට හසුවෙයි

ඊයේ (10) හවස් වරුවේ ගාල්ල, හබරාදුව තල්පේ ප්‍රදේශයේ  මුහුදේ දියනාමින් සිටි සිසුන් හය දෙනෙක් මුහුදු රළ පහරට හසුවී ගසාගෙන ගොස් තිබෙනවා.

එහිදී සිසුන් 5 දෙනෙක්ව ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව බේරාගෙන ඇති අතර එක සිසුවෙක් අතුරුදන්ව ඇත.

අතුරුදන්වී ඇති සිසුවා කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි අයෙක් බවයි සඳහන් වන්නේ.

මෙම සිසින් ඇතුළු පිරිසක් කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පන්තියක් මගින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවක් සඳහායි මෙහි පැමිණ තිබෙන්නේ.

මම චාරිකාව සඳහා පුද්ගලයන් 42ක් පමණ සහභාගි වී ඇති බව පොලීසිය සවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *