සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසයි
මන්නාරම සහ පූනරින් හි ඉදිකිරීමට යෝජිතව තිබෙන සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ එහි කටයුතු ආරම්භ කිරීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් අද පැවැත්වුණා.
ඒ අදානි සමුහයේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී අනිල් සර්දානා මහතා සහ ව්‍යාපෘති නිලධාරීන් සමගයි.
අද පැවැත්වූ මෙම සාකච්ඡාවේදී 2024 වසරේ දෙසැම්බර් මස මෙම ව්‍යාපෘති අවසන් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මෙගාවොට් 500ක ධාරිතාවෙන් යුතු මෙම යෝජිත සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමේදී පවතින ගැටළු, අභියෝග සහ ඉදිකිරීම් කාලරාමුව පිළිබඳව ද අවධානය කළ බව ද සඳහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

