Latestදේශීය

ඉදිරි තෙමස තුළ IMF එකඟතා සම්පූර්ණ කරනවා- මුදල් රාජ්‍ය අමාත්‍ය

ඉදිරි තෙමස තුළ IMF එකඟතා සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ලබන සැප්තැම්බර් මාසයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා සියල්ල සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ පැවති වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟාතා 62 කින් මේ වන විට ඉටුකර ඇත්තේ එකඟතා 25 ක් පමණක් වන බවට සමහරුන් චෝදනා කළද, ඒ සඳහා මහ බැංකුව විසින් කමිටුවක් පත් කර ඇති බවත්, ඔවුන් සඳහන් කරන ආකාරයට ක්‍රියාකාරී සැලැස්ම කාලරාමුවත් සමඟ ඉදිරියට ගමන් කරමින් බවයි.ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය වන විට නිසි පරිදි ඉලක්ක කර ාගමන් කළ හැකි වනු ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *