කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට (13) ජල කප්පාදුවක්
හෙට දින කොළඹ ප්‍රදේශ කිහිපයකටම අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 20 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි.
ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, බෝකුන්දර පාර සහ ඊට යාබද සියලු අතුරු මාර්ගවල හෙට (13) උදෑසන 10.00 සිට අනිද්දා (14) උදෑසන 6.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

