තොරපිටිය වැවේ දිය නාමින් සිටි සිසුවෙකු දියේ ගිලී මියයයි
ඊයේ (11) දහවල් කාලයේ ලග්ගල තොරපිටිය වැවේ දිය නාමින් සිටි සිසුන් පිරිසක් අතරින් එක් සිසුවෙකු දියේ ගිලී තිබූ අතර ඔහු දාස්ගිරිය රෝහලට ඇතුළත් කරනු ලැබුවා.පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි දඹුල්ල පොලිසිය සඳහන් කළේ.
මෙම සිසුන් හලාවත ප්‍රදේශයේ පිහිටි උපකාරක පංතියක් මගින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවක් සඳහා පැමිණ මොරගහකන්ද ජලාශය නැරඹීමෙන් පසු දිය නාමින් සිටි බවයි වාර්තා වන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

