පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය අද
ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා සුදුසුකම් සපුරා ඇති පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින් 105 ක් සඳහා වෛද්‍ය ලියාපදිංචි සහතිකපත් ප්‍රදානය කිරීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) ප.ව. 02.00 ට නාවින්න, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතන (NITM) ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
මෙහිදී දිවයින පුරා විහිදී සිටින පාරම්පරික සර්වාංග වෛද්‍යවරුන් 29, කැඩුම් බිඳුම් වෛද්‍යවරුන් 47, චර්ම රෝග වෛද්‍යවරුන් 07, සර්ප විෂ වෛද්‍යවරුන් 15, ගෙඩි වණ වෛද්‍යවරුන් 04, මානසික රෝග වෛද්‍යවරුන් 02 හා අක්ෂි රෝග වෛද්‍යවරුන් 01 ලෙස සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍යවරුන් 105 දෙනෙකු සඳහා මෙසේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පිරිනැමීම සිදු කරනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

