පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වෙයි
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අමාත්‍යවරයා සඳහන් කළේ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබෙන බවයි.
එම ලිපියෙහි පිටපතක් ඒ මහතා විසින් තමන් වෙත යොමු කර ඇති බව ද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

