Latestදේශීය

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රමිතිය යළි ඇතිකළ යුතුයි:ජනපති

මෙරට විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින්ම තිබූ බවත්, එම ප්‍රමිතිය සහ කීර්තිනාමය යළි මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “CVCD විශිෂ්ටතා සම්මාන” උළෙලට එක් වෙමිනුයි  ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ

ඒ තුළින් විදේශීය සිසුන්ද මෙරට විශ්වවිද්‍යාල කෙරෙහි ආකර්ශණය කරගත හැකි අතර එය මෙරට ආර්ථිකය සංවර්ධනයට ඉවහල් වනු ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා

එමෙන්ම මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින් ජනාධිපතිවරයා පැවසුවේ සෑම අයෙකුටම නිසි වයසේ දී අධ්‍යාපන කටයුතු අවසන් කර ඉදිරියට යාමට හැකි පසුබිම නිර්මාණය කළ යුතු බවයි

ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ සභාපති රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය  සුජීව අමරසේන මහතා විසින් මෙහි පිළිගැනීමේ කතාව සිදු කළ අතර. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය විසින්  සම්මාන උළෙල පිළිබඳ සවිස්තරාත්මක හඳුන්වා දීමක් ද සිදු කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *