Latestදේශීය

සංචාරක මගී ප්‍රවාහන නෞකා හම්බන්තොට වරායට ගෙන්වාගැනීමට ගිවිසුමක්

මේ මාසයේ සිට ලබන සැප්තැම්බර් දක්වා කාලය තුළ ඉන්දියානු සංචාරක මගී ප්‍රවාහන නෞකා 13 ක් ගෙන්වා ගැනීමට ගිවිසුම්ගතවී  තිබෙන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කරනවා.

සකසුරුවම් කාණ්ඩයේ සංචාරක නෞකාවල සිට ඕනෑම සුඛෝපභෝගී නෞකාවක් දක්වා සියලු පහසුකම් සැපයීමට වරාය මෙහෙයුම් කටයුතු සූදානම් බවයි මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියූ මහතා සඳහන් කළේ.

ගිවිසුම්වලට අනූව මගීන් 745 දෙනෙකු රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට පළමුව මෙරටට පැමිණිමට නියමිතව ඇත.

ඒ අනුව ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින්ට,චෙන්නායි සිට හම්බන්තොට දක්වා සංචාරක නෞකා සේවාව ලබාගැනීම්ටත් මෙ මගීන්  හැකියාව පවතිනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *