Latestදේශීය

ගවයින් රෝගී වීමෙන් මධ්‍යම පළාතේ කිරි නිෂ්පාදනයට බලපෑම්

ගවයින් අතර පැතිර යන සමේ ගැටිති සහිත රෝගය හේතුවෙන් මධ්‍යම පළාතේ කිරි නිෂ්පාදනයට බලපෑමක් ඇතිවී තිබෙන බව මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ගව ගැටිති රෝගය මධ්‍යම පළාතේ ද ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වී ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරින් කඩිනමින් ක්‍රියාකළ යුතු බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.කේ.පී රජනායක මහත්මිය සඳහන් කරනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාගල, කොත්මලේ වගේ කොට්ඨාසවලත් මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, උඩුනුවර, පුජාපිටිය කියන කොට්ඨාසවලත් මාතලේ දඹුල්ල, විල්ගමුව, ගලේවල යන කොට්ඨාසවලත් මේ ගව ගැටති රෝගය හැදුන ගවයින් අපට දක්නට ලැබෙන බව වර්තාවේ.

මෙම රෝගය ගවයන් අතර පැතිරීම වැළැක්වීම සඳහා මධ්‍යම පළාතෙන් පිට හෝ ඇතුළට සතුන් ගෙනඒම වලක්වා ඇත.

මෙම රෝගය පාලනයකට ලක් කරන තෙක් ගව මස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසට සෞඛ්‍ය අංශවලින් ජනතාවට දැනුම්දී තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *