Latestදේශීය

රනිල්, දිනේෂ්, සුසිල් සහ බොරු

රජයේ පාසල් සඳහා නව ගුරුවරුන් 34,000ක් බඳවා ගැනීමට ක්‍රියා කරන බව රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ අගමැති දිනේෂ් ගුණවර්ධන සහ සුසිල් ප්‍රේම්ජයන්ත අධ්‍යාපන ඇමති ගෙන ගිය විශාල ප්‍රචාරය මේ දක්වා ක්‍රියාත්මක කර නැත.

පසුගිය පෙබරවාරි 05 වෙනි දින නිකුත් කරන ලද ආණ්ඩුවේ සිළුමිණ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් දක්වා තිබුණේ “නව පාසල් වාරයට පෙර ගුරු පත්වීම් 34,000ක්“ යනුවෙනි. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ උපාධිධාරී ගුරුවරුන් 26,000ක් සහ විද්‍යාපීඨ ගුරුවරුන් 8,000ක් මෙළෙස බඳවා ගන්නා බවයි. අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩල සමාලෝචන කමිටුවට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු මෙම බඳවා ගැනීම් සඳහා විශේෂ අවසරයක් ලැබුණු බවද එහි දක්වා තිබේ.

නමුත් මෑතදී හෙළිවී ඇත්තේ මෙවැනි බඳවා ගැනීම් සිදුකර නැති අතර රජයේ පාසල්වල ගුරුවරුන් 39,000ක පුරප්පාඩු පවතින බවය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *