Latestදේශීය

ඉදිරි මාස දෙක තුළ ඖෂධ හිඟය අවම කරනවා: සෞඛ්‍ය අමාත්‍යවරයා

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝගාත්මක කාලවකවානුව කළමනාකරණය කර ගනිමින් මේ වන විට එය වඩාත් සාධනීය තැනකට ගෙන එමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ අනුව ඉදිරි මාස දෙක තුළ ඖෂධ හිඟය අවම කිරීමටත්, බෙහෙත් මිල පහළ දැමීම ඇතුළු කටයුතු රාශියක් 90% කින් පමණ ප්‍රමාණයකින් සාධනීය තැනකට ගෙන ඒමට හැකි වෙතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති තුම්පනේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

මෙයට අමතරව කුණ්ඩසාල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමද එදින පැවැති අතර එහිදී එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි අදාළ ප්‍රශ්න ,ගැටළු ,යෝජනා ඇතුළු කරුණු රාශියක් සාකච්ඡාවට ලක් විය.

එළඹෙන 15 වන දා සිට ඖෂධ මිල 16% කින් අඩු කිරීමට අවශ්‍ය නෛතික කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත් එයට අමතරව සෑම මාස 03 ටම වරක් ඖෂධ මිල සමාලෝචනය කරමින් එම මිල අඩු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී කීය. ඉතිහාසයේ තමා දුටු අතිශය අසීරුම සමය පසුගිය වකවානුව බවත් ,අනෙකුත් ක්ෂේත්‍ර වලට වඩා සංවේදී ක්ෂේත්‍රයක් නිසාවෙන් සෞඛ්‍ය පිළිබඳව වඩාත් අවබෝධයෙන් කටයුතු කිරීමට සිදුවන බව අමාත්‍ය රඹුක්වැල්ල මහතා පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *