යුරියා පොහොර ගොඩ බෑම ආරම්භ කරයි
කොළඹ වරායට පැමිණ තිබූ නෞකාවේ යුරියා පොහොර තොග ගොඩ බෑම ඊයේ (12) රාත්‍රී ආරම්භ කර ඇත.
මේ මසය ඇතුළත යුරියා පොහොර මෙට්ට්‍රික් ටොන් හැට දහසක් මෙරටට රැගෙන එන බවයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චන්දන ලොකුලියන මහතා සඳහන් කළේ.
නිවේදනයක් නිකුත් කරමින් එම කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, පොළොන්නරුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත අදාළ පොහොර ලබාදීමට කටයුතු කර ඇති බවයි.
පොළොන්නරුවේ ගොවීන්ට යුරියා පොහොර මිල දී ගැනීම සඳහා ලබා දී ඇති වවුචර්පත්වලට අද (13) සිට පොහොර මිල දී ගතහැකි බවද අමාත්‍යාංශය පවසනවා.
මේ අතර වී වගාව සඳහා පොහොර මිල දී ගැනීමට නිකුත් කරන ලද වවුචර්පත්වලට මෙතෙක් යුරියා පොහොර මිල දී ගැනීමට නොහැකි වූ බව පොළොන්නරුව ගොවි සංවිධාන නියෝජිතයින් පසුගිය දා චෝදනා කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

