Latestදේශීය

සබරගමුව නව ආණ්ඩුකාර ලෙස නවීන් දිසානායක පත් කෙරේ

සබරගමුව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (13) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ සිය ධුරයෙහි දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ සහ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තම උපරිම දායකත්වය ලබා දෙන බවයි.

පසුගිය කාලසීමාවේ රට ඉතා දුෂ්කර තත්ත්වයකට පත්වූවද ජනාධිපතිවරයාගේ නිවැරදි වැඩපිළිවෙළ හේතුවෙන් අද රට තුළ ධනාත්මක පරිවර්තනයක් සිදුව ඇති බව පෙන්වා දුන් ඒ මහතා එම වැඩපිළිවෙළ සමඟ එක්වෙමින් සබරගමුව පළාතේ දියුණුවට කැපවන බව ද කියා සිටියේය.

විශේෂයෙන් සබරගමුව පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරන බව සඳහන් කළ ඒ මහතා සියලුම දේශපාලන පක්ෂ නායකයන්ගේ ආශිර්වාදයෙන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තම අරමුණ බව ද කියා සිටියේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *