Latestක්‍රීඩා

පුහුණු තරගයේ ජය ලංකාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ පළමු පුහුණු තරගයෙන් කඩුලු 3ක ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (13) සමත්වුණා.ඒ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 45යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 214ක් රැස්කරගනීමට සමත්වුණා.

ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 47ක් ලබාගත්තා.

චරිත් අසලංක ලකුණු 29යි.

එහිදී හයේ පහර 03 ක් සහ හතරේ පහර 08 ක් සමගින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ලකුණු 67ක් රැස්කරගනිමින් නොදැවී කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37යි පන්දු 1ක් තුළදී කඩුලු 7ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරාලනු ලැබුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *