අදානි ගේ විදුලි ව්‍යාපෘතිය 2024 ආරම්භ කරනවා
(යොහාන් භාසුර)
මන්නාරම සහ පූනරින් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 500ක ධාරිතාවෙන් යුත් සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය ලබන වසරේ (2024) දෙසැම්බර් මස ව්‍යාපෘතිය අවසන් කිරීමට එම සමාගම බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම ව්‍යාපෘතිය පිළිබඳව සහ එහි කටයුතු ආරම්භ කිරීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් අදානි සමුහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් සර්දානා මහතා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවති බවත් එහිදී එම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති ගැටළු, අභියෝග සහ ඉදිකිරීම් කාල රාමුව පිළිබඳව අවදානය යොමු කළ බව ද අමාත්‍යවරයා කීය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

