Latestදේශීය

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම අරඹයි

අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයධාරාව ඇතුළු විෂයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව, දිවයින පුරා පිහිටි ඇගයීම් මධ්‍යස්ථාන 39කදී ඇගයීම් මණ්ඩල 519කදී පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සිදුකරන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ජූලි මස 04 වනදා දක්වා නගර 18ක් කේන්ද්‍ර කරගනිමින් එම ඇගයිම් කටයුතු සිදුකිරීම සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබෙන අතර එම ඇගයීම් කටයුතු අවසන් වීමත් සමඟ උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු පත්‍රවල ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *