එක්සත් රාජධානියේ ඝාතන 3ක්
එක්සත් රාජධානියේ පුද්ගල ඝාතන 3ක් සිදුව තිබෙනවා.මේවන විට මෙම ඝාතන සඳහා සැකපිට 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එක්සත් රාජධානියේ නොටින්හැම් (Nottingham) නගරයේ තිබී පුද්ගල මල සිරුරු දෙකක් හමු වී ඇති අතර අනෙක් පුද්ගල මල සිරුර නගර මධ්‍යයට මදක් ඔබ්බෙන් වෙනත් මාර්ගයක තිබී හමු වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා .
අදාළ සිද්ධීන් තුනම එකිනෙකට සම්බන්ධ බවට සැක කෙරෙන නමුත් එය මෙතෙක් තහවුරු වී නැහැ.
එසේම පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කිරීමට අවශ්‍ය නිසා මාර්ග කිහිපයක්ම තාවකාලිකව වසා දැමීමට ද එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑන් රථයකින් තවත් පිරිසක් යට කර පළා යාමට උත්සාහ කිරිමෙදියි.
කෙසේ වෙතත් සැකකරු මෙතෙක් කිසිදු පාපොච්චාරණයක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

