මාධ්‍ය මර්දනය කරනා රනිල්ගේ ගැලවුම්කරු
මාධ්‍ය විශාල වශයෙන් මර්දනය කිරීම සඳහා ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හොඳම ගැලවුම්කරුවා බවට පත්වීමේ උත්සාහයක නිරවී සිටී.
ඉයේ (13) පැවැත්වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුර මේ සම්බන්ධ ආසන්නම නිදර්ශනය සපයා තිබේ. එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් “ජනමාධ්‍ය ඇමති ලෙස පුද්ගලිකව මම හෝ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හෝ මාධ්‍ය මර්ධනයට කිසිසේත්ම ඉඩදෙන්නේ නැහැ.” යනුවෙන් රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව ගෙන මර්දන පනත් සම්බන්ධයෙන් ආණ්ඩුවේ අනික් සියලු ප්‍රකාශකයන් අභිබවා ඉදිරියට පැමිණියේය.
යෝජිත පනත් කෙටුම්පතට විරුද්ධව පාර්ශව රැසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර 1997දී ගෙන ඒමට සූදානම් වී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ නොවන බවට තීන්දු කළ පනතම නැවත ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටී.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

