Latestදේශීය

රතු නිවේදන නිකුත් කරයි

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑම් රතු අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා..
ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසිනුයි.

එම ආයතනය සදහන් කරන්නේ මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ද නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, අයගම, කුරුවිට සහ පැල්මඩුල්ල යන ප්‍රදේශ සඳහා නිකුත් කළ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *