Latestදේශීය

රනිල් ආන්ඩු පක්ෂ රැස්වීමක් කැදවයි

ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂ සදහා 14 දින සවස 5ට ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ රැස්වීමක් කැදවීමට පියවර ගෙන ඇත.

13 දිනයේදී අගමැති කාර්යාලයෙන් ඒ සදහා ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂවලට නිල වශයෙන් ආරාධනා කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව පාර්ශ්වයෙන් 12 දිනද ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙවැනිම රැස්වීමක් කැදවීමට පියවර ගෙන තිබූ නමුත් පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් රැසක් එම රැස්වීම වර්ජනය කිරීමට පියවර ගෙන තිබිණ. ඊට හේතු වී තිබුණේ පොහොට්ටුවට නිල වශයෙන් දැනුම් දීමක් සිදු නොකොට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් වෙන වෙනම පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් ඇතුලු නියෝජිතයන්ට මෙම රැස්වීම සදහා ආරාධනා කොට තිබීමය.

එසේ රැස්වීම සදහා නාමල් රාජපක්ෂ මහතාට ආරාධනා කරද්දී මේ අයුරින් තනිතනිව ආරාධනා නොකොට පක්ෂයක් වශයෙන් පොහොට්ටුවට ආරාධනා කිරීම සුදුසු බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින්ද අදාළ පාර්ශ්වයන් වෙත සදහන් කොට තිබිණ.

එමෙන්ම මීට පෙර අවස්ථාවකදීද මේ අයුරින්ම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීමක් සංවිධාන කොට තිබූ අතර එහිදීද පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා ඊට ජනාධිපතිවරයා ඉදිරියේම විරෝධය පළ කිරීමට පියවර ගෙන තිබිණ.

@Repoter


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *