Latestදේශීය

හොරා කෑ මුදල් හොද වැඩට යොදවනවා

(නිමල කොඩිතුවක්කු)

දේශපාලකයන් සහ ඔවුන්ට සම්බන්ධ පිරිස් හොරකම් කළ මුදල් නැවත රටට ලබා ගෙන එම මුදල් සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා යොදවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

හොරකම් මැරකම් අල්ලස දූෂණය නතර කර හොරු සියල්ල නීතිය හමුවට ගෙනවිත් දඩුවම් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට ලක්ෂ 50ක් වටිනා නවීන බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

නැවත වරක් රට බංකොලොත් වීමට ඉඩ දිය නොහැකි බවත් දැනුම කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙළක් මගින් රටත් ජනතාවත් දිනවීමට කටයුතු කරන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

එළඹෙන ජුනි 23 වැනි දාට දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උපන් දිනය සමරන බවත් ඒ වෙනුවෙන් රට පුරා අධ්‍යාපන, සෞඛ්‍ය, සංවර්ධන වැඩකටයුතු රාශියක් හුස්ම සහ සක්වල වැඩසටහන ත-ුළින් ක්‍රියාත්මක කර බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට දැනුමේ කේන්ද්‍රස්ථානයක් කරන බවට විවිධ පාර්ශ්ව ප්‍රකාශ කළත් බලයට පැමිණි පසු එය අමතක කළ බවත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට ම රට දැනුමේ කේන්ද්‍රස්ථායක් බවට පත් කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම දමමින් සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *