පාරවල් දෙකක් නැහැ
රටේ සංවර්ධනය උදෙසා අධ්‍යාපනය සහ ආර්ථිකය සමගාමීව ගමන් කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහායවීම සඳහා පත් කරන ලද විශේෂ කමිටුවේ පළමු සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
මෙම විශේෂ කමිටුවේ පළමු සාකච්ඡාව ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන විශේෂඥ කමිටුවේ සාමාජිකයින් පිරිසක් ද එක්විය.
මෙරට මානව සම්පත ඵලදායි අන්දමින් පෙළගැස්වීම අධ්‍යාපන ක්‍රමයෙන් දැනුම හා හැකියාවන්ගෙන් සමන්විත ශ්‍රම බලකායක් බිහිකිරීම ඇතුළු අරමුණු රැසක් මුල් කරගනිමින් මෙම අධ්‍යාපන කමිටුව පිහිටුවනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
“මෙතන පාරවල් දෙකක් නැහැ. ඔක්කොම යන්න තියෙන්නේ එක පාරේ. අපි තරගකාරී වුණොත් විතරයි ඉදිරියට යන්න පුළුවන්.”
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

