බිපාර්ජෝයි අද ඉන්දියාවට
“බිපාර්ජෝයි” සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 74,000 ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබෙන බව වාර්තා වේ.
ඉන්දියාවේ ගුජරාට් වෙරළ තීරය සහ කුච් දිස්ත්‍රික්කය හරහා බිපාර්ජෝයි සුළිකුණාටුව අද (15) ඉන්දියාව ඇතුළු වනු ඇති බවට එරට කාලගුණ අංශ සදහන් කරයි.
තවද සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් අදත් ඉන්දියාවේ ගුජරාට් වෙරළ ආශ්‍රිත ව සහ තවත් ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව ද සදහන් වේ.
අවදානමට ලක්විය හැකි ප්‍රදේශවලින් තවදුරටත් ජනතාව ඉවත් කරමින් ඇතැයි ඉන්දීය ආපදා කළමනාකරණ අංශ පවසයි.
ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් 15 ක් ඇතුළු විශාල පිරිසක් සහන සේවා සඳහා යොදවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

