කැනඩාවේ රිය අනතුරෙන් 15ක් ජීවිතක්ෂයට
මධ්‍යම කැනඩාවේ Manitoba පළාතේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරින් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බවය.
ට්‍රක් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 25 දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සියලුදෙනාම වයස්ගත පුද්ගලයින් පිරිසක් බව විදෙස් වාර්තා සදහන් කළේය.
අධික වේගයෙන් රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවට සිදුකළ මුලික විමර්ශනවලදි අනාවරණය වී තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

